සුභ සාධක සංගමය සමාජිකත්වය

සමාජිකත්වය

I.         අයදුම් කිරීම

  1. ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ ස්ථිර හා කොන්ත්‍රාත් පදනම යටතේ සේවයේ නියුක්ත සියලුම සේවකයින් සංගමයේ සාමාජිකත්වය ලැබීමට සුදුස්සෝ වෙති;
  2. ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සියලුම ස්ථිර හා කොන්ත්‍රාත් සේවා නියුක්තිකයින් අධිකාරියේ සේවයට බැඳුන වහාම (දින 30 ක් ඇතුලත) , සංගමයේ සාමාජිකත්වය ලබා ගත හැකිය;
  3. සාමාජික අයදුම්පතක් සම්පූර්ණ කර සංගමයේ ලේකම් වෙත ඉදිරිපත් කිරීමෙන් සාමාජිකත්වය ලිඛිතව ඉල්ලා සිටිය හැකිය;
  4. යම් හෙයකින් සංගමයේ සාමාජිකත්වය කිසියම් සේවයේ නියුක්තෙකුට ලබා දිය නොහැකි නම් ඒ බව සභාපතිවරයාටද පිටපතක් සහිතව සංගමයේ ප්‍රධාන ලේකම් විසින් හේතු සහිතව සාමාජිකත්වය අපේක්ෂා කරන්නා වෙත ලිඛිතව දැනුම් දිය යුතුය;
  5. සාමාජිකත්වය ඉල්ලා සිටින අවස්ථාවේදී අපේක්ෂකයාගේ සියලු විස්තර ඉදිරිපත් කළ යුතුය;
  6. විවාහයෙන් පසුව හා දරු උපතක් සිදුවූ අවස්ථාවේදී හැර අන් කිසිදු අවස්ථාවකදී අයදුම්පත්‍රයට අලුතින් නම් එකතු කල නොහැක;
  7. අවිවාහක සාමාජිකයකුට තමා වෙනුවෙන් හිමිකම් පෑමට වෙනත් කෙනෙකු නම් කිරීමේ හැකියාව ඇත.

     II.         සාමාජික මුදල්

  1. සියලුම සාමාජිකයින් උපලේඛණ අංක 1 පරිදි වන මුදලක් සාමාජික මුදල ලෙස ගෙවිය යුතුය.
  2. සංගමයේ මහා සභා රැස්වීමකදී බහුතර සාමාජිකයින්ගේ යෝජනා ස්ථිරත්වයෙන් ප්‍රතිශෝධනය කළ හැකිය;
  3. දීර්ඝ නිවාඩු ලබා සිටින සාමාජිකයින් පෞද්ගලිකව සාමාජික මුදල් නොකඩවා ගෙවිය යුතුය.
  4. කිසිදු හේතුවක් නිසා සාමාජිකයෙකු ගෙවන ලද සාමාජික මුදල් ආපසු ලබාගත නොහැක.

    III.         සාමාජික වගකීම

  1. ව්‍යවස්ථාවේ නීතිරීති පිලිපැදීම
  1. සාමාජික මුදල් නිසි පරිදි ගෙවීම පිලිබඳව අවධානය යොමු කළ යුතු අතර මුදල් නිසි පරිදි මාසික වැටුපෙන් අය කර ගෙන තිබේදැයි විමසිල්ලෙන් සිටිය යුතුය;
  2. අයකර ගැනීම්වල කිසියම් වරදක් සිදුවී ඇත්නම් ඒ බව ලිඛිතව ගරු ලේකම්ට / ගරු භාණ්ඩාගාරිකට හෝ ඔවුන් වෙනුවට වැඩබලන සංගමයේ වෙනත් නිලධාරියෙකුට දැනුම් දී නිවැරදි කරවා ගත යුතුය.
  1. සත්‍ය තොරතුරු නොපමාව ලබා දීම හා පෞද්ගලික දායකත්වය
  2. යම් ප්‍රතිලාභයක් ලබා ගැනීමට සුදුසුකම් ලබන අවස්ථාවකදී සියලු සත්‍ය තොරතුරු සංගමයට දැන්විය යුතුය;
  3. සෑම සාමාජිකයෙකුම , සාමාජික අයදුම්පත සංශෝධනය සඳහා තමාගේ දරුවකු හෝ අවිවාහක සහෝදර සහෝදරියන් විවාහ දිවියට ඇතුලත් වූ විට, සංගමය දැනුවත් කළ යුතුය;
  4. හිමිකම් ලාභියෙකුගේ උපතකදී හා අභාවයකදි පිළිගත හැකි සාක්ෂි ඉදිරිපත් කළ යුතුය;
  5. සංගමයේ පොදු වැඩවලදී උපරිම පෞද්ගලික දායකත්වය ලබා දිය යුතුය.
  • රැස්වීම් සඳහා සහභාගිවීම

සෑම මහා සභා රැස්වීමක් හෝ සෑම විශේෂ මහා සභා රැස්වීමක් සඳහා සහභාගිවීම සියළුම සාමාජිකයන්ගේ වගකීම වේ.

   IV.         සාමාජිකත්වය අහෝසිවීම

පහත සඳහන් අවස්ථාවකදී සාමාජිකත්වය අහෝසි වනු ඇත.

  1. සාමාජිකයෙකුගේ මරණය;
  2. සේවයෙන් ඉල්ලා අස්වීම හෝ විශ්‍රාම යාම;
  3. සේවයෙන් පහ කිරීම හෝ
  4. සමාජිකත්වය අතහැර යාම(මාස 03ක් අඛණ්ඩව සාමාජික මුදල් නොගෙවීම);

1.    ආධාර දීමනා හා අනෙකුත් සුභසාධන කටයුතු

ඉහත 4 (IV) (c) සහ (d) අවස්ථාවලදී හැර, සාමාජිකත්වය වෙනුවෙන් සංගමය විසින් පහත සඳහන් සුභසාධන කටයුතු කරනු ලැබිය හැක;

සංගමයෙන් ඉටුකරනු ලබන සුභසාධන කටයුතු සංගමයේ මහා සභා රැස්වීමකදී බහුතර සාමාජිකයින්ගේ යෝජනා ස්ථිරත්වයෙන් සංශෝධනය කළ හැකිය;

       i.         අවමංගල්‍යාධාර

  1. අනුමත අවමංගල්‍යාධාර මුදල
  1. සංගමය විසින් අනුමත අවමංගල්‍යාධාර මුදල සඳහා අයදුම් කළ හැක්කේ අයදුම්පතේ නම් කළ යැපෙන්නන් වෙනුවෙන් පමණි.
  2. සාමාජිකයා හා නීත්‍යානුකූල කලත්‍රයා;
  3. සාමාජිකයාගේ දරුවන්;
  4. සාමාජිකයාගේ හා කලත්‍රයාගේ මව හා පියා;
  5. අවිවාහක සාමාජිකයින්ගේ සහෝදර සහෝදරියන් (උපරිම තිදෙනෙක්) ;
  6. සංගමය විසින් පිලිගත් වෙනත් නීත්‍යානුකූල යැපෙන්නන්.
  1. ආධාර මුදල් පිරිනැමීම
  1. ඉහත සඳහන් හිමිකරුවන් වෙනුවෙන් උපලේඛණ අංක 1 පරිදි ආධාර මුදලක් සංගමය මගින් ගෙවිය හැක.;
  2. එකී මුදල සංගමයේ මහා සභා රැස්වීමකදී බහුතර සාමාජිකයින්ගේ යෝජනා ස්ථිරත්වයෙන් සංශෝධනය කළ හැකිය;
  3. අවමංගල්‍යාධාර ප්‍රමාණය තීරණය කිරීමේදී සංගමයේ අරමුදල පිළිබඳව අවධානය යොමු කළ යුතුය;
  4. අවමංගල්‍යාධාර ලැබීම සඳහා සාමාජිකත්වය සඳහා අඛණ්ඩව මාස හයක (06) සාමාජික මුදල් ගෙවා තිබිය යුතුය;
  5. යම් සාමාජිකයකු, අවමංගල්‍යාධාර ප්‍රතික්ෂේප කරන්නේ නම් එය නැවත අරමුදලට බැර කරන ලෙස ඉල්ලා සිටිය හැක; එය පසු දිනක හෝ අන් අවස්ථාවකදී නැවත ලබා ගත නොහැක;
  6. සාමාජිකයකුට හිමි අවමංගල්‍යය ප්‍රතිලාභ වෙනත් සාමාජිකයෙකුට පැවරිය නොහැක.
  1. කොඩි , බැනර් හා වෙනත් පහසුකම්
  1. අවමංගල්‍යයක් වෙනුවෙන් සංගමයේ කොඩි , බැනර් (අවම වශයෙන් එකක්වත්) ලබා දිය යුතු අතර අවමංගල්‍ය නිමවී සතියක් ඇතුලත ඒවා සංගමයේ ගරු ලේකම් වෙත භාර දිය යුතුය. නව සාමාජිකයින්ටද මේ සඳහා හිමිකමක් ඇත;
  2. සියලු දිස්ත්‍රික් කාර්යාලයන් වෙත කොඩි,බැනර් ලබා දිය යුතුය; අවමංගල්‍ය නිමවී සතියක් ඇතුලත ඒවා සංගමයේ දිස්ත්‍රික් නියෝජිත වෙත භාර දිය යුතුය;
  3. ඉරී ගිය හෝ විනාශ වූ කොඩි සහ බැනර් සඳහා කාරක සභාවේ තීරණය මත දඩ මුදලක් ගෙවිය යුතුය;

     ii.         විවාහ මංගල්‍ය දීමනා

  1. විවාහ දිවියට ඇතුලත් වන සාමාජිකයෙකුට උපලේඛණ අංක 1 පරිදි දීමනාවක් ගෙවිය හැක;
  2. එකී මුදල සංගමයේ මහා සභා රැස්වීමකදී බහුතර සාමාජිකයින්ගේ යෝජනා ස්ථිරත්වයෙන් සංශෝධනය කළ හැකිය;

    iii.         සමුගන්නා සාමාජිකයින් වෙනුවෙන් සමරු තිලිණ/ ප්‍රදාන

  1. ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියෙන් ගෞරවාන්විතව සේවයෙන් සමුගන්නා වසර දහයකට (10) වඩා වැඩි සේවාකාලයක් සම්පූර්ණ කළ  සාමාජිකයින් වෙත උපලේඛණ අංක 1 හි සඳහන් වන වටිනාකමින් යුතු සමරු තිළිණ/ප්‍රදානයක් ලබා දිය යුතුය.
  2. ඒ සඳහා වෙන් කරනු ලබන මුදල සංගමයේ මහා සභා රැස්වීමකදී බහුතර සාමාජිකයින්ගේ යෝජනා ස්ථිරත්වයෙන් සංශෝධනය කළ හැකිය;

   iv.         විශේෂ දීමනා

  1. සාමාජිකයන්ගේ දරුවන්ගේ කඩඉම් විභාග වෙනුවෙන් දිරි ගැන්වීමේ දීමනාවක් උපලේඛණ 1 පරිදි ගෙවිය හැක.

     v.         වෙනත් සුභ සාධන පහසුකම් සහ ක්‍රියාකාරකම්

අවස්ථානුකූලව, පවත්නා අරමුදල් පිළිබඳව නිසි අවධානය යොමුකරමින් සංගමය විසින් සාමාජික පොදු යහපත අරභයා පහත සඳහන් සුභ සාධන කටයුතු  සහ ක්‍රියාකාරකම් වල ද උචිත පරිදි නිරත වනු ඇත.

  1. සර්ව ආගමික කටයුතු සංවිධානය;
  2. කලා සහ සංස්කෘතික කටයුතු සංවිධානය;
  3. ක්‍රීඩා තරඟ සංවිධානය;
  4. විනෝද චාරිකා සංවිධානය;
  5. අධ්‍යාපන චාරිකා සංවිධානය;
  6. සමාජ සංවර්ධන වැඩ සටහන් උචිත පරිදි ක්‍රියාත්මක කිරීම;
  7. අධිකාරියේ වර්ෂ ආරම්භක සහ අවසාන හෝ වෙනත් ඕනෑම ආයතනික උත්සව කටයුතු සංවිධානය;
  8. සාමාජිකයන්ගේ සුහද හමුවිම් සහ සමුගැනීමේ සාද පැවැත්වීමේ කටයුතු;
  9. සංගමයේ අරමුදල් තරකර ගැනීමේ විවිධ කටයුතු සංවිධානය;
  10. විවිධ ප්‍රසංග, සංදර්ශණ හෝ ප්‍රදර්ශණ සංවිධානය;
  11. ශ්‍රමදාන ව්‍යාපාර සංවිධානය;
  12. සාමාජික ආපදා ණය සහන ලබාදීම;
  13. මහා සභාව විසින් තිරණය කරනු ලබන වෙනත් ඕනෑම කටයුත්තක් සංවිධානය; සහ
  14. විධායක සභාව විසින් පවරනු ලබන වෙනත් ඕනෑම පොදු කටයුත්තක් සංවිධානය.